GIT EXAMINATION

Untitleddesign5.png
Untitleddesign5.png

සාදන ශිල්ප කලා මකරන්දය
ජීවන හුස්ම සුගන්දිත පුෂ්පය
බන්දන සොයුරු සෙනෙ අප සිත් තූළ
ගම්පහ අප රත්නාවලී විදුහල //
ශිල්ප ශාස්ත්‍ර ගුණ විනය බෙදා දෙන
ජාතිය සමය පුරා බැති චින්තන
ලෝනා මුනිදු දහම් සුව කැන්දන
මෑණි ඔබයි අපගේ සිතුමිණ //
රට දැය ඔපකළ දරු කැල බිහි කළ
අප විදු නෙත පාදා
ඔබ අප විදුහල හිස මත පිපි මල
ඔබ අපගේය සදා……… මවුනී අප ඔබගේය සදා //…..
ඔබ සිප් චාමර වල් විදුනාවන්
සිත් පුබුදා මෙත් පවන් සලන්නී
ඔබ විදු චතුමී මධුර අමාවන්
දිවි ගමනේ මඟ පවස නිවන්නී //
සිප් මිණි කැන්දිලි රන්මිණි බරණින්
රශ්මි ප්‍රභා අප නෙත් පාදන්නී
බැති මල් ඇතිරූ අප දිවිපුදසුන්
හද දෙවොලේ රජ දහන සදන්නී // 
රන්මැලි මවුනි රන්මොල සෑදූ                 
අප දෙරණත රැඳි දා                                   
ඉන් යලි පිබිදී රන්දමු ලකෙහි                 
ඔබ ගුණ කඳ සමුදා                         
මුමුණමු ඔබ ගුණ කඳ සැමදා //